විභාගයට සුදානමින් සිටින්න ! අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිසුන්ට පණිවුඩයක් !

Published in පුවත්
Monday, 06 September 2021 11:11

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසයි.

අදාළ දිනයන් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර එම දිනයන් සැලසුම් කර ඇති දින පමණක් බව ඔහු සඳහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අපොස සාමාන්‍ය පෙළ 2022 වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

“මේ දින මම කිව්වා කියලා අනිවාර්යයෙන් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ….මේක සැලැස්මක් විතරයි. මට අද කියන්න බැහැ මේක ස්ථීරයි කියලා. දරුවන්ගේ සහ දෙමව්පියන්නේ ඉල්ලීම් ගැන සලකා බලාවි. දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් කරන්න ඕනේ. අපි දන්නවා දරුවන්ගේ පීඩනය. කොහොමත් විභාගය තියෙනවා. ඒ කාලයට ගැලපෙන පරිදි තීරණ ගනී. දරුවන් සූදානම් වෙලා ඉන්න.”

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us