පාසල් සිසුන්ට ෆයිසර් දෙන බව ජනපති කියයි !

Published in පුවත්
Friday, 03 September 2021 20:27

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටද ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ සඳහන් කළා.

දැනට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම අද පැවති මෙම රැස්වීමේදී එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සහය ලබාදෙමින් සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු සියලු පාර්ශවයන් වෙත ජනාධිපතිවරයා ප්‍රශංසාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us