ප්‍රීමා සමාගම රහසේම වැඩි කළ තිරිඟු පිටි මිළ

Published in පුවත්
Friday, 03 September 2021 11:22

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොදන්වා ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12කින් ඉහළනංවා ඇත.

මීට පෙරද ප්‍රීමා සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නංවනු ලැබීය.

මේ පිළිබඳව පාරිභෝගිකයන් අධිකාරියට ඊයේ (02 වැනිදා) පැමිණිලිද ඉදිරිපත් කර ඇත. මෙම ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමක් නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

නමුත් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 5000 ඉක්මවා ඇති බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවැසුවේය.

සෙරන්ඩිබ් සමාගමද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් හයකින් ඉහළ දැමීය. එහිදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගත්තේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us