දඹර අමිල හිමිට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසික ව‍ැටුපක් ලෙස රු 95,000 ක මුදලක් වසර කිහිපයක් පුරා ගෙවා ඇති බවට රාජපක්ෂ බයි වහලුන් විසින් ගෙන යන ප්‍රචාරය පට්ටපල් බොරුවක් බව හෙළිවේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්වීම ඊයේ (30) දහවල් එම සභාවේ සාමාජිකයින් සහභාගීත්වයෙන් පවත්වන අතර තුරේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා විසින් වෛද්‍ය සභාවේ සාමාජික ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වූ මහාචාර්ය හරේන් ද සිල්වා මහතාට තිත්ත කුණුහරුපෙන් බැණ වැදි පහරදීමට දැඩි උත්සහයක් දරා ඇත.

පැණිබීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ගැන අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇතිකළ දේශපාලන කුමන්ත්‍රණයේ සැබෑ හේතුව දැන් පැහැදිලි වෙමින් තිබේ. තවත් වාරයක් තමන්ට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ බල තන්හාව මීට නිමිත්ත වී තිබේ. 2020 ජනාධිපතිවරණයට එජාපයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බව මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ තීරණය වී තිබීම මත සිරිසේන සිදු කළේ තමන්ව පොදු අපෙක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවා දෙනවා නම් අගමැතිධුරය මහින්දට දෙන්නම් කියන එකය.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තමා සුදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ. තමා ඉල්ලා අස් වන නිසා අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙසට ද මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා කිසියම් මනෝ විකෘති තත්ත්වයකින් පසුවෙන

බව ස්ථිර වත් මොහු ලංකාවේ නොහැකි නම් විදේශ රටකට හොරෙන් හෝ 

කැඳවාගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ජයන්ති සිරිසේන 

මහත්මියගෙන් ඉල්ලා සිටින බවත් අද පාර්ලිමේන්තුව හමුවේ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. 

එහි දී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ සහ එම කුමන්ත්‍රණ ආණ්ඩුව හා එළඹෙන ගිවිසුම්වල නිත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සැකයක් මතුවන පසුබිමක රාජපක්ෂ සහ චීන සමාගම් අතර තවත් ඩොලර් මිලියන ගණනක ගිවිසුමක් අත්සන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. එම ගිවිසුම ශ්‍රී ලංකා වරාය අධි ශ්‍රේණි ගත කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා අත්සන් කර ඇති බව එම පුවත් සේවය පවසනවා.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කරන විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ld add copy

Connet With Us