කොවිඩ් රෝගීන් 1354කට සුවයි !

Published in පුවත්
Tuesday, 14 September 2021 21:15

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,354 ක් සුවය ලබා තිබේන බව වාර්තා වෙනවා.

මේ අතර දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් එම දින වෙනස් වුවහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැනුම් දෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ කොරෝනා ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණ සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ලැබෙන බවත් සැප්තැම්බර් මාසයේ අවසානය වන විට අසාදිතයන් සහ කොවිඩ් මරණ සංඛාත්මකව අඩු වනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පවසයි.

“මේ රටේ අසංවිධිත ආර්ථිකයකින් ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම නිරෝධායන ඇඳිරි නීතිය හරහා අපහසුතාවට පත් වෙමින් ජීවිකාව කරගෙන යාමට ඉතා ම අසරණ වෙලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් තමයි යම් කිසි ප්‍රමාණයක බුරුලක් ලබලා තියෙන්නෙ ඔවුන්ගේ ආර්ථිකය පවත්වා ගෙන යාමට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කොට කෘෂිකර්ම ක්ෂේත්‍රය, වැවිලි ක්ෂේත්‍රය, අපනයන ක්ෂේත්‍රයන්ට අවසර ලබා දීලා තියෙන්නේ. “

නිරෝධායන ඇඳිරි නීතිය කුඩා ව්‍යාපාර සඳහා ඇති කරන බලපෑම පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us