පුහුණු උපාධිධාරීන්ට මාස 3න් රැකියා ලබා දෙන්නැයි ජනපතිගෙන් නියෝග !

Published in පුවත්
Tuesday, 14 September 2021 20:15

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙම උපාධිධාරීන්ගේ පුහුණු කාලය තව මාස හයකින් දිගු කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බව කී ඇමතිවරයා එසේ කිරීම සාධාරණ නැති බව එහිදී ජනාධිපතිවරයා පැවසූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එම උපාධිධාරීන් කඩිනමින් රැකියා සඳහා යොමුකිරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එම උපාධිධාරීන්ට ලබාදෙන රුපියල් 20,000 ක දීමනාව පිළිබඳ ගැටලුවක් ඇත්නම් ඒ ගැන සොයා බලා හිඟ මුදල් සමඟ ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us