මැතිවරණ ඉතිහාසයේ සුපිරි නඩු තීන්දුවක්. ඡන්ද අල්ලස් දුන් මන්ත්‍රීගේ ධුරය අහෝසියි

Published in පුවත්
Tuesday, 14 September 2021 13:30

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය නිකුත් කළ නිවේදනය

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි -

මැතිවරණ ඉතිහාසයේ තවත් තීරණාත්මක නඩු තීන්දුවක්

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි.

ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කරන ලදී.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇත. යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත. එපමණක් නොව අපේක්ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාවය නැවත වරක් අවධාරණය වී ඇත.

එමෙන්ම මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙනි.

මෙම නඩුකරය අප පවත්වාගෙන යනු ලැබුවේ බාධක රාශියක් මධ්‍යයේය . ඒ සඳහා සහාය විය යුතු ඇතැම් ආයතන මගහැර යද්දි අතිශය කැපවීමක් සිදුකල නීතීඥවරුන් දෙපළට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේ ගෞරවය හිමිවිය යුතුය. එමෙන්ම ඒ සඳහා අවංකව සහාය දැක්වූ මැතිවරණ නිලධාරීන්ටද මෙය සතුටට කරුණක් වනු ඇත. එමෙන්ම මේ සඳහා වෙහෙසවූ සිවිල් සංවිධාන නියෝජිතයින් හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටද ස්තූතිවන්ත වෙමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

Last modified on Tuesday, 14 September 2021 13:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us