රජය සහල් වෙනුවෙන් ගත් තීරණය !

Published in පුවත්
Tuesday, 14 September 2021 12:19

සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් ගොවීන්ගෙන් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.

මේ අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සතු ව ඇති කුඹුරු ඉඩම් පිළිබඳ ඉදිරිපත් කළ දත්ත පදනම් කරගනිමින් සිදුකළ නියැදි පරීක්ෂණයේ දී එම දෙපාර්තමේන්තුවේ දත්ත සියයට 96ක් ම වැරදි බවට අනාවරණ වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ගොවීන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55ක මිලකට ගොවි බිම්වලට ම ගොස් මිල දී ගැනීමට තීරණය කර ඇති බවයි.

මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලැබුවේ රුපියල් 50කට යි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us