එළඹෙන මාසයේ සිට එන්නත් නොගත් අයට වෙන්න යන දේ ...

Published in පුවත්
Tuesday, 14 September 2021 11:45

ලබන මාසයේ සිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට මගීන් පටවා නොගන්නා බව බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ප්‍රකාශ කර ඇත.

මෙම පියවර අකුරටම ක්‍රියාත්මක කරන බවත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකරන බවත් ඔහු පවසා තිබේ.

බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ හයදහස් දෙසීයක පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර බස් සේවකයින් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් කොවිඩ් එන්නත්කරණය කාඩ්පත සන්තකයේ තබාගැනීම අනිවාර්ය කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද සභාපතිවරයා සදහන් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us