ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිල අඩු වීමෙ වාසිය මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමේ අවස්ථාවක් තිබුණද මංගල සමරවීර මුදල් ඇමැතිවරයා හඳුන්වා දුන් මිල සූත්‍රය ගොබ්බ රාජපක්ෂ පාලනය විසින් අහෝසි කිරීම නිසා ඒය මේ වන විට අහිමිව තිබේ.

ජනාධිපති සිරිසේන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන මේ වසරේ පැවැත්වීමට නියමිත සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා ප්‍රධානින් වාර්ෂිකව සිය මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගත යුතු බවට නීතියක් ඇති බවත් එම ක්‍රමයම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තු සැසිවාරයේදි පැවසුවා.

වසල කහකඩයෝ රොත්තක් අද දිනයේ කොළඹ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. මේ කහකඩයන් ඉල්ලා සිටියේ ධර්ම ප්‍රචාරය සඳහා තමන්ට ද මාසික ආධාරයක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා පසුගිය ඔක්තෝර්බර් 26 වන දින සිට ගත් තීන්දු තීරණ වැරදි බවට අධිකරණය හමුවේ ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී වීම සම්බන්ධයෙන් නඩු පැවැරිය හැකි බව නීතිවේදීන් පෙන්වා දෙයි.

අප්‍රමාදව රට යථා තත්ත්වයට පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ රාජ්‍ය යන්ත්‍රයෙන් ඉල්ලමින් පසුගිය සිදුවීම් දාමය සමාලෝ්චනයකට ද ලක් කරමින් කතානායකතුමා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. රටේ පළමු පුරවැසියා පිස්සු කෙළින තත්ත්වයක සහ දෙවැනි පුරවැසියෙක් නොමැති තත්ත්වය තුළ තුන්වැනි පුරවැසියා වන කතානායකතුමා මේ අවස්ථාවේ රටේ ප්‍රධාන පුරවැසියා බවට නිතැතින්ම පත්ව තිබේ. එබැවින් එතුමන්ගේ ප්‍රකාශය රටට ඉතාමත් වැදගත් වේ. එකී ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ

මෙරට පුද්ගලික අංශය නියෝජනය කරන වානිජ මණ්ඩල ප්‍රධානින් පිරිසක් ඊයේ (03) ජනාධිපති සිරිසේන හමු වී තිබෙනවා. එහිදි වර්තමාන දේශපාලන අර්බුදය තූළ වැඩෙක බරපතල සමාජ හා ආර්ථික බලපෑම පිළිබඳව ඔවුන් සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබුණා.

ld add copy

Connet With Us