කොවිඩ් තුරන් වන ලකුණු ! ලෝකෙට සුභ ආරංචියක් !

Published in පුවත්
Saturday, 18 September 2021 18:27

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නවතම සොයාගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ රොකෆෙලර් සරසවියේ පරීක්‍ෂණයකිනි.

මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරසවේදීන් පෙන්වා දී තිබේ.

මේ වන විට පැතිරෙන සියලුම කොවිඩ් ප්‍රභේදයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි මේ ආකාරයේ වෛරස් මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයාගෙන තිබේ.

මෙයට වසර විස්සකට පමණ පෙර සොයා ගත් ‘සාස්’ රෝගය ඇති කරන මුල් කොවිඩ් වෛරසයට සහ එහි විපරිත මාදිලියටද එකසේ ප‍්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහයට හැකි වූ බව සනාථ වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us