මෙරටට පැමිණෙන්නන්ගේ පී.සී.ආර් ප්‍රතිඵල අනුව කඩිනමින් නිවෙස් වෙත !

Published in පුවත්
Friday, 17 September 2021 18:49

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයකින් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය වි තිබෙනවා.

ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විය.

ඉදිරි සති දෙක තුළදී අදාළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ සථාපිත කර ඇති රසායනාගාරයේ පහසුකම් ඉහළ නැංවීමටද පියවර ගැනේ.
එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.

මේ අතර පැය තුනක පමණ කාලයක් තුළ එවැනි පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි බවත්, ඒ අනුව එම කාලය තුළ පුද්ගලයින් 600 ක් පමණ පරීක්ෂණයනට ලක් කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් විශ්ලේෂණය කරමින් සංචාරක ව්‍යාපාරය ඇතුළු රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන් සඳහා යම් යම් ලිහිල් වීම් සිදුවිය යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහිදී පවසා ඇත. ලෝක ප්‍රවණතාවය මෙන්ම මෙරට ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති වලට අනුගත වෙමින් ක්‍රියාත්මක කළ හැකි උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ .

රටේ ආසාදිතයින් සංඛ්‍යාව,මරණ සංඛ්‍යාව,ඔක්සිජන් භාවිතය යන කරුණු වලට සාපේක්ෂව යම් යම් ලිහිල් කිරීම් සිදු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

-පංචාලි අබේසේකර

Last modified on Friday, 17 September 2021 18:50

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us