සත්ත්ව ආහාර අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණ !

Published in පුවත්
Friday, 17 September 2021 18:33

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බි. හේරත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට තීරණය කරන ලදි.

සත්ත්ව ආහාර මිළ ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිළ ඉහළයාම නිසා සත්ත්ව නිෂ්පාදනද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද එහිදී ප්‍රකාශ විය.

මේ අතර දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය සදහා කිරි ගවයින්ට ප්‍රමාණවත් තණකොළ නොලැබීම නිසා කිරි නිෂ්පාදනය අඩු වී ඇති බැවින් තණකොළ වගා කරන්නට කැමති අයට රජයේ ඉඩම් ලබා දී තණකොළ වගාව ප්‍රවර්ධනය කිරිමටත් එසේ වගා කරන තණකොළ කිරි ගොවින්ට හා ගෙවිපලවලට අලෙවි කිරිමටත් අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරිමටද ඊයේ (16) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු විය.

එමෙන්ම කිරි ගවයින්ට අමතරව එළුවන්, ඌරන් වැනි සත්ත්ව ගොවිපල ප්‍රවර්ධනය කීරිමටත් අද පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ගරු ඩි.බී.හේරත් මැතිතුමා එම අමාත්‍යාංශයේ ලේකම් හා සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වි ඇති බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us