ආණ්ඩුවේ කාබනික පොහොර වැඩ පිළිවෙලත් සාර්ථකයි !

Published in පුවත්
Saturday, 18 September 2021 18:48

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙල යටතේ දිවයින පුරා විවිධ ස්ථානවල සාර්ථක කාබනික පොහොර වගාවන් සිදුවන ආකාරය දැක ගැනීමට ලැබෙනවා.

කාබනික පොහොර සහ කාබනික දිලීර නාශක යොදා ගනිමින් සාර්ථක තක්කාලි වගාවක් සිදු කරන ගොවි මහතෙකු පිළිබද හාලිඇල, පන්වැව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මඩිත්ත, පට්ටියගෙදර, පන්වැව ප්‍රදේශයේ පදිංචි කේ.එම්. පියසේන නම් මෙම ගොවි මහතා පසුගිය වසර 50 කට ආසන්න කාලයක් පුරා සිය ගොවිතැන් සිදු කර තිබුණේ රසායනික පොහොර භාවිතයෙන්.

එහෙත් ජනාධිපතිතුමාගේ වස විසෙන් තොර ලංකාවක් සංකල්පයට අනුගත වෙමින් පළමු වරට කාබනික පොහොර යොදා ගනිමින් තක්කාලි වගාවක් සිදු කර තිබෙනවා. වගාව ඉතා සාර්ථක වී ඇති අතර කාබනික දිලීර නාශක මගින් පත්‍රවල ඇතිවන දිලීර රෝග ද මැඩ පවත්වා ගැනීමට හැකිවුණා.

කාබනික පොහොර යොදා ගනිමින් අක්කර තුනහමාරක පමණ භූමි ප්‍රදේශයක ඉතා සාර්ථක එළවළු වගාවක් සිදු කරන පූගොඩ ප්‍රදේශ‌යේ ගොවි මහතෙකු පිලිබදව ද අපට වාර්තා වුණා. විශ්‍රාමික ගොවි පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන විමල් වික්‍රමසිංහ මහතා මෙම වගාව සිදු කරන අතර රසායනික පොහොරවලින් ලබාගත් අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් මෙමගින් ලබාගත හැකි බවද සදහන් කරනවා.

ඇඹිලිපිටිය, ගගේයාය ප්‍රදේශයෙන් ද සාර්ථක කාබනික වගායක් සිදුකරන ගොවි මහතෙකු පිළිබද අපට වාර්තා වුණා. ගගේයාය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. කේ. විල්ෆ්‍රඩ් මහතා කෘෂි නිලධාරීන්ගේ ද උපදෙස් ලබාගනිමින් කාබනික පොහොර භාවිත කර ගෙවතු වගාව මෙන්ම කුඹුරු වගාව ද සාර්ථක ලෙස සිදු කිරීමට සමත්ව සිටිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ද කාබනික වගාවට යොමුවී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මසකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 ක් පමණ නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් ද තරුණ ගොවි මහතෙකු ආරම්භ කර තිබෙනවා. හරිතාගාර සංකල්පයට අනුව කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මාළුමිරිස්, කහ ඇතුලු භෝග රැසක් වගා කිරීමට ද ඔහු සමත්වුණා.

-අයි.ටී.එන්

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us