කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (01) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මොනයම් හෝ රෝගයක නම සඳහන් කරමින් එම රෝගය යම් ආයුර්වේද ඖෂධයක් මගින් සුවකළ හැකිය යන්න මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවත් එවැනි ප්‍රචාරණයන්ගේ නියැළෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස්වරිස් වෛද්‍ය ශාන්ති කුඹුරේගෙදර මහත්මිය සඳහන් කර ඇත.

කොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය මහනුවර ස්ථාපිත කර ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.

මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙයවීමෙන් මෙය ස්ථාපිත කර තිබේන අතර මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් අද (01) දින සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇත.

-පංචාලි අබේසේකර

bikkhu 1bikkhu2

කිසිවකුට කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර ඇත.

නැව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික දව්‍ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසිවටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ප්‍රකාශ කර ඇත.

වාතය හරහා වඩාත් වේගයෙන් පැතිරෙන, වඩාත් භයානක අලුත් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් වාර්තා වෙනවා .

ජුනි මාසයේ දෙවැනි සතිය වනවිට කොවිඩ් රෝගීන්ගේ සැබෑ අඩුවීමක් දැක ගත හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මීගමුව, මාඔයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයේ හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා හෙට (01) සිට ධීවරයින්ට අවසර ලබා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ අපද්‍රව්‍ය මුහුදට එකතු වීම නිසා එම ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.

-පංචාලි අබේසේකර

ld add copy

Connet With Us