කටුනායකට ප්‍රහාරයක් එල්ල කරන කතාවට බිය නොවන්න - ආරක්ෂක ලේකම්

Published in පුවත්
Friday, 17 September 2021 13:29

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල වියයුතු නැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත පසුගියදා ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණා .
එළැඹෙන 20 වැනිදා ගුවන් තොටුපොළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවත්, තමන් නම් කරන සිව්දෙනකු වහාම මුදාහරින ලෙසත් එම ඊමේල් පණිවුඩයේ සඳහන් කර තිබු බවයි වාර්තා වුයේ.
මෙම ඊමේල් පණිවුඩය පරීක්ෂා කිරීමට යාමේදී ගුවන් තොටුපොළ වෙබ් අඩවිය තුළට රිංගා දත්ත සොරකම් කිරීම හෝ වෙනත් අරමුණකින් සැකකරුවන් මෙය කල බව දැනට හෙළිවී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us