දරුවන්ට උගන්වන ගුරුවරුන්ට වෘත්තිය සමිතිවලින් තර්ජන !

Published in පුවත්
Thursday, 16 September 2021 21:15

අපොස උසස්පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වුණා. අපොස උසස්පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 204984 දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් 243704 ක් යොමු කෙරුණා.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර ලැබී ඇත්තේ අඩු අයැදුම්පත් සංඛ්‍යාවක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ. වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දරුවන්ගේ විභාග අයැදුම්පත්‍ර යොමුකර නැති බවයි සදහන් වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ අනුරාධපුර ශාඛාවේ නිලධාරීන් මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ, තමන් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන කටයුතු ආරම්භ කළද ඇතැම් වෘත්තිය සමිතිවලින් තර්ජන එල්ල වන බවයි.

ඔන්ලයින් ක්‍රමයට ගුරුවරුන් පිරිසක් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නද එවැනි ගුරුවරුන්ට තර්ජනය කිරීමේ හැකියාවක් තමන්ට පවතින බවයි ලංකා ගුරු සංගමය තවත් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ.

ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා දැනුවත් කිරීමට ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් ක්‍රියා කළා. දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා දැනුවත් කරන බව අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා. මෙම සාකච්ඡාවට එක්වූ ගුරුවරුන් ප්‍රකාශ කළේ තමන් ඉදිරියටත් ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කැපවන බවයි.

මේ අතර වෘත්තිය සමිති නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us