දරුවන්ට උගන්වන ගුරුවරුන්ට තර්ජනය කරන්නන්ට දැඩිව නීතිය !

Published in පුවත්
Friday, 17 September 2021 17:34

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට තර්ජන එල්ල කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට එම කටයුතුවලින් ඉවත්වන ලෙස කුමන ආකාරයකින් හෝ බලපෑම් හා තර්ජන කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඍජුව පැමිණිලි කළ හැකියි. එමෙන්ම 119 දුරකථන අංකයට ද මේ පිළිබද දැනුම් දිය හැකි අතර ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ද හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම වරදක් වන අතර එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් කෙරෙහි පොලීසිය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us