රාජ්‍ය ඇමති ලොහාන් ගැන මහින්ද එනකම් තීරණයක් නෑ

Published in පුවත්
Thursday, 16 September 2021 10:49

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු සුබසාධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස් වූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මෙරටට පැමිණි පසු තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ ද යන්න පිළිබඳව අරුණ පුවත් පතකළ විමසුමකට පිළිතුරු වශයෙනි.

තමන් කළ වැරැද්ද පිළිගෙන ඒ මහතා රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වීම පක්ෂයක් වශයෙන් අගය කරන බවත් මේ දිනවල විදෙස්ගතව සිටින අගමැතිවරයා පැමිණි පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවත් මහලේකම්වරයා කීවේය.

කෙසේ නමුත් රාජ්‍ය ඇමැතිවරයා සිය ඉල්ල අස්වීමේ ලිපියෙන් තමන් වරදක් කළ බව බාරගෙන තිබුණේ නැත. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙන් කියා තිබුනේ සිද්ධියේ වගකීම බාරගෙන ඇමැතිවරයා එම ඇමැති තනතුරෙන් ඉවත් වූ බවය. මේ අතර බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ එවැනි සිදුවීමක් සිදුවූයේ නැති බවත් එල්ටීටීඊ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් ඔහු සිරකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වූ බවය.

එහෙත් රාජ්‍ය ඇමැතිවරයා හදිස්සියේ ඉල්ලා අස්වුයේ අගමති මහින්ද රාජපක්ෂ වහාම ඉල්ලා අස්වන ලෙස ඔහුට දැනුම් දීම නිසා බවටත් මාධ්‍ය වාර්ථා කර තිබිණි. මේ අතර අගමැති පුත් නාමල් රාජපක්ෂ මෙම සිරකරුවන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යන බවත් වාර්තා වී ඇත.

ඇමැතිවරයා විසින් මෙම දෙමළ සිරකරුවන් බිම දණ ගස්සවා ඔවුන්ට පිස්තොලය පෙන්වා මරා දමන බවට තර්ජනය කළ බව උතුරේ දේශපාලන පක්ෂ විසින් චෝදනා කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස කල්පනා කරන බවත් පෙනෙන්නට තිබේ.

මානව හිමිකම් කොමිසම කාලාන්තරයක් මුලුල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩ නගන චෝදනා පදනමක් සහිත සාධාරණ ඒ්වා බව මෙම සිදුවීම හරහා නැවත ඔප්පු කරවන්නක් බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. අගමැති මහින්ද මෙම තත්වයෙහි බරපතලකම ගැන තිබෙන අවබෝධය අනුව ඇමැතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස නියෝග කිරීම සිදුව ඇති බවත් තේරුම් ගත හැකිය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us