ඇදිරිනීතිය දික් කිරීම ගැන තීන්දුව හෙට !

Published in පුවත්
Thursday, 02 September 2021 12:45

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා (06) දින සිට දීර්ඝ කිරීම පිළිබඳ හෙට (03) දිනයේදී කොවිඩ් -19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණය කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

දිවයින පුරා දැනට පවතින අගුලු දැමීම තවත් සති 2 කින් දීර්ඝ කළ යුතු බව ඊයේ(01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කළ අතර දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව
විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us