තවත් අත්‍යාවශ්‍ය සේවාවන් කිහිපයක් ප්‍රකාශයට පත් කෙරේ !

Published in පුවත්
Thursday, 02 September 2021 14:06

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

වරාය අධිකාරිය ඉටු කළ යුතු සියලුම සේවා, පෙට්‍රොලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලු ඉන්ධන සැපයුම හා බෙදා හැරීම, දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමන ගමන මණඩගලය මගින් කරනු ලබන සියලු පොදු සේවා , සහ එම පොදු සේවාවන් පවත්වාගෙන යාමට අත්‍යවශ නඩත්තු හා මෙහෙයුම් කටයුතු මෙම ගැසට් නිවේදනයෙන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යල, ප්‍රාදේශීය ලේකම් කාර්යල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් , කෘෂි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ සියලු නිලධාරීන්ගේ සේවාවන් ද අත්‍යාවශ්‍ය සේවාවන්ට ඇතුළත් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු ඇතුළු රක්ෂණ සේවා ,සෞඛ්‍ය සේවයට අදාළ සියලු සේවා , සතොස සහ සමූපකාර කටයුතුවලට අදාළ සේවාවද ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර තිබේ.

මීට අමතරව පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු සේවාවන් මෙන්ම තැපැල් සේවාව ද අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us