සෑම රෝහලකම ඔක්සිජන් සැපයුම ගැන සොයා බැලීමට උපදෙස් !

Published in පුවත්
Thursday, 02 September 2021 11:12

දිවයිනේ සෑම රෝහලකම දෛනිකව සෑම රෝහලකම ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්සිජන් අවශ්‍ය සෑම කොරෝනා රෝගියෙකුටම හිඟයකින් තොරව ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි.

ඔක්සිජන් නොමැතිව කිසිදු කොරෝනා රෝගියෙකුට මිය යාමට ඉඩ නොතැබිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක් පමණ වන අතර මේ වනවිට එම තත්ත්වය ඉක්මවා ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගොස් ඇත.

ඒ හේතුවෙන් අතිරේක ඔක්සිජන් තොග ඉන්දියාව හා සිංගප්පූරුව වැනි රටවලින් ආනයනයට පියවර ගෙන ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

-පංචාලි අබේසේකර

Last modified on Thursday, 02 September 2021 11:13

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us