මහින්ද තනිවෙයි. බැසිල් ඇමතිකම් එපා කියයි. ගෝඨා ඕනෙ කියයි
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස ජනාධිපති හමුවේ දිවුරුම් දී ආණ්ඩුකිරීමේ ආසාවකින් පසු වුවද ඔහුට අවශ්‍ය සහයොගය ලබා නොදිමට බැසිල් පාර්ශ්වයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ, ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිධුර ලබා ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.
පාර්ලිමේන්තුව කැඳවන බව මහනායක හිමිවරුන්ට කතානායක දන්වයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක බලතල යොදා ගනිමින් පාර්ලිමේන්තුව කල් තැබූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම සලකා බලා නුදුරු දිනකදී පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද උදෑසන මහ නායක හිමිවරුන්ට දන්වා ඇත.
චන්ද්‍රිකාගේ මෙහෙයුම සාර්ථකයි. ශ්‍රිලනිපයේ පළුවක් ගලවයි
මෛත්‍රීපාල + මහින්ද කුමන්ත්‍රණකාරී බලු හවුලට එරෙහි ශ්‍රීලනිප මන්ත්‍රීන් ගනනාවක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රීන් වශයෙන් කටයුතු කිරීමට එකඟ කරවා ගැනිමට හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමත්ව ඇති බව සමීප ආරංචි මාර්ග පවසයි
රනිල් බහුතරය පෙන්වා අවසන්. 128 ක් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලයි
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමෙන්තුවේ අත්‍යාවශ්‍ය බහුතරය වන 113 අභිබවා මන්ත්‍රීවරු 128 දෙනෙකුගේ කැමැත්ත ඔහු වෙත ලබා ගෙන තිබේ.
රාජපක්ෂලාගේ අපරාධ නඩු විභාග කළ විනිසුරු ලංකා ව මාරු කරයි
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස මාරු කර යවා තිබේ.
අයි ටී එන් සභාපතිනි සේවයෙන් දොට්ට. අමාත්‍යංශයට ඇතුලුවීමත් තහනම් කරයි
අයි ටී එන් සභාපතිනිය ලෙස කටයුතු කළ ජනමාධ්‍ය අමාතංශයේ අතිෙර්ක ෙල්කම් තිලකා ජයසුන්දර මහත්මියව මේ වන විට එම තනතුරෙන් ඉවත් කර තිබේ. ඇය රාජකාරී පැහැර හැරි බවට චෝදනා එල්ල කර ඇත. පසුගිය 26 වන දින රාත්‍රියේ පටන් අයි ටී එන් ආයතනයේ පාලන බලය බලහත්කාරයෙන් පැහැර ගත් රාජපක්ෂ කල්ලියේ මැරයන් විසින් සබාපතිනියට හා තවත් ඉහළ නිලධාරීන්ට ආයතනය තුලට ඇතුල් වීම වලකා තිබිණි.
හොර අගමැති සහ හොර ඇමැතියන් යටතේ වැඩ කොළොත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග.
ඒකාධිපතියකු ලෙස තකතීරු තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධීව කරන කිසිදු පත් වීමක් යටතේ හෝ රාජකාරි කටයුතු කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නිතියෙන් කටයුතු කරන බව එජාපය පවසයි.
නීතිවිරෝධි වැඩ කළොත් විදේශ තහංචි !.මෛත්‍රීට අනතරු හඟවයි !
රටේ පිළිගත් නීතියට එරෙහිව යමින් තව දුරටත් කටයුතු කළහොත් ශ්‍රිලංකාවට එරෙහිව තහංචි පැනවීමට යුරෝපාසංගය. ඇමරිකාව ජපානය සහ ඕස්ට්‍රෙලියාව මේ වන විට ජනාධිපතිවරයද දන්වා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.