වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

පෙර ආණ්ඩුව සමයේදී හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයන් විසින් නිල නිවෙස් ලෙස භාවිත කරන ලද රජයේ නිවාස 34ක් මේ වන විට නැවත රජයට භාර දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

අද (31) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි.

සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගනන කාර්යාලය පවසයි.

අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙරට අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු "රක්නා" ආරක්ෂක ලංකා සමාගම වෙත පැවරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ld add copy

Connet With Us