ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලි රථ ගමන් සේවා නියාමනයට

Published in පුවත්
Thursday, 30 October 2025 13:51

ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි.

ඔහු, අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදුකරන අතර එම වැඩසටහන නොවැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කරන බවය.

"ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සහ විශේෂ චාරිකා සේවා නියාමනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළේ. පොදුවේ මේ කේෂ්ත්‍රයේ නියැලෙන විශාල සංඛ්‍යාවකගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නොවන ප්‍රවාහන සේවකයින්ගේ මණ්ඩලය ලෙස ආයතනයක් පිහිටුවීමට කටයුතු කරනවා. ඒ තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම තහවුරු කිරීම වෙනුවෙන් මෙහි මූලික කටයුතු ආරම්භ කළා"

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා,

"ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා කුලී රථ සහ විශේෂ චාරිකා සේවා යන කොටස්වල දත්ත එක්රැස් කිරීම සිදුකරනවා. මෙහිදී අපි ඒ සඳහා රාජ්‍ය ආයතනවල හා රථගාල්වල ස්ටිකරයක් ප්‍රදර්ශනය කරනවා. එහි සඳහන් උපදෙස් අනුව තොරතුරු යොමු කරන්න.දත්ත රැස්කිරීම නොවැම්බර් 1 වෙනිදායින් ඇරඹෙනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us