සේවය හැරගිය දොස්තරලගෙන් රජයට අයවිය යුතු මුදල මිලියන 1,277කට අධිකයි

Published in පුවත්
Thursday, 30 October 2025 11:40

සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගනන කාර්යාලය පවසයි.

එම කාර්යාලය පෙන්වා දෙන්නේ තනතුරු අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 වර්ෂයේ ඔක්තෝබර් 31 දිනට රජයට අය විය යුතු බැදුම්කර, දඩ මුදල්, ණය අත්තිකාරම් ශේෂයන්ගේ එකතුව රුපියල් මිලියන 1,277ක් බවය.

ජාතික විගනන කාර්යාලය විසින් සේවය අත්හැර ගිය වෛද්‍ය නිලධාරින්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගනන වාර්තාව මගින් මේ බව අනාවරණය කරගෙන තිබේ.

වර්තමානයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළව පුහුණුව සඳහා සහ විදේශ රැකියා සඳහා මෙන්ම අනෙකුත් හේතූන් මත විදේශ ගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම හා සේවය අත්හැර යාම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික විගනන කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම එම නිලධාරින් ඇප මුදල් හා දඩ මුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවක් මෙන්ම ඒවා අයකර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගවල දුරවලතා රැසක් ද පවතින බව විගනන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

2015 වර්ෂයේ සිට 2024 අවසානය දක්වා වෛද්‍යවරුන් 705 දෙනෙකු ගිවිසුම් කඩකර ඇති බව ද විගනනයේ දී අනාවරණය වී ඇති බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us