වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන සැකකරු ඇතුළු සැකකරුවන් 06 දෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (28 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණක් බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත්වෙන බව කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කළේය.

රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

අද කාළගුණය

Published in පුවත්
Monday, 27 October 2025 09:40

උතුරු, උතුරු - මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us