වැලිගම ප්‍රා.දේ .ස සභාපති ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

Published in පුවත්
Tuesday, 28 October 2025 08:44

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන සැකකරු ඇතුළු සැකකරුවන් 06 දෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (28 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27 වැනිදා) පස්වරුවේ, අදාළ වෙඩික්කරු බව කියන සැකකරු ඇතුළු සැකකරුවන් 04 දෙනකු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

ඉකුත් 22 වැනිදා පෙරවරුවේදී සිය නිල කාමරය තුළදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 06 දෙනකු කැකිරාව, මහරගම සහ ගාල්ල යන ප්‍රදේශවලදී පෙරේදා (26 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයා අඟුලුගහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.

අනෙක් සැකකරුවන් වන්නේ වෙඩික්කරුගේ බිරිඳ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමග පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් තිදෙනකු බවද පොලිසිය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us