සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් ලවා බලහත්කාරයෙන් හෝ යම් බලපෑමකින් 'වොයිස් කට්' (Voice Cuts) ලබා ගැනීම සහ එම දර්ශන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම ශ්‍රී ලංකා පොලිසියේම අනුදැනුමෙන් සිදුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම එවැනි බොළඳ සහ වෘත්තීය නොවන ක්‍රියා මගින් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවන අතර, විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ වෘත්තීයභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න සහ සැකයන් ඇති කරන බවත් එහි සදහන් වේ.
ඒ අනුව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටින්නේ පොලිස් නිලධාරීන් විසින්ම මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීම වහාම නතර කරන ලෙසයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පුරවැසියන්ගේ මූලික අයිතීන්ට ගරු කළ යුතු අතර, විමර්ශන කාර්යක්ෂමතාව සහ වෘත්තීයභාවය ආරක්ෂා කර ගත යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි .

