ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ.

මෙම මාසයට අදාළව 05 වෙනි දින ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතව තිබුණ ද, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දැනුම් දී තිබේ.

2020 අගෝස්තු 20 වනදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වනදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ 9වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලනය අත්හැරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ, ආර්ථික කටයුතු හා මුදල් - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ගරු සේවා පදනම මත පත් කර තිබේ.

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට, ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට
ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත්‌ කිරීමට කමිටුවක්‌ පත්‌ කිරීමට තීරණය
කර ඇතැයි වාර්තා වේ.

අද (01) දහවල් වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව, ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කළේ ය.

ld add copy

Connet With Us