මරණ දණ්ඩනයට පාසැල් සිසුන් 5ක්

Published in පුවත්
Thursday, 23 October 2025 13:39

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මෙරට අනාගත පරපුර විනාශ කරමින් සිටින බවය.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා මෙම අදහස් පල කළේය.

"එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාරය තුළ 805ක්. එල්ලා මරන්න නියමිත ගැහැනු ඉන්නවා 21ක් ඉන්නවා. 805න්, එල්ලා මරන්න නියමිත පාසල් සිසුන් 5දෙනෙක් ඉන්නවා. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම්වලින් අංක එකට ඉන්නේ. මට හිතාගන්න බැරි මෙච්චර උගත් සමාජයක් කොහොමද කුළියට මිනී මරණ සමාජයක් බවට පරිවර්තනය වුණේ. කොහොමද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙනල්ලා මේ රට වනසන තැනට ඒ මිනිස්සු ගෙනාවේ. ඒ හැමදේකටම මුල මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ. අනිවාර්යයෙන්ම එල්ලා මැරිය යුතුයි. මොකද ඔවුන් විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා නිරන්තරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි. ඒක පවක් නැහැ."

-derana news

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us