හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (16) අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළේය.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා බහට ලක් වුණා .

 තරුණ තරුණියන් වෙනුවෙන් රටේ හොඳ අනාගතයක් නිර්මාණය කරන්න නම් සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගොඩවිය යුතුව තිබෙන බවත් එසේ නොවේ නම් තවදුරටත් බොරුවෙන් සන්නද්ධ තරුණ තරුණියන් පිරිසක් බිහිවෙනවා විනා රටට සුබදායී තරුණ තරුණියන් පිරිසක් බිහි නොවන බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

නානුඔය සිට නුවරඑළිය දක්වා පරිසර පද්ධතියට හානි කරමින් නුවරඑළිය කිකිළියාමාන රක්ෂිතය හරහා මීට පෙර ඉදිකිරීමට සැලසුම් කළ කේබල් කාර් ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි.

ld add copy

Connet With Us