ටිකට්පත් මිල දී ගැනීම සහ වලංගු කිරීම පහත වැටීමට හේතුව මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් මහජනතාව අතර ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොමැතිකම සහ ටිකට්පත් වලංගු කිරීමට සපයා ඇති උපාංග භාවිත කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දක්වන අකැමැත්ත බව ද එහි දැක්වේ.
ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 19.3ක වියදමක් දරා අදියර තුනක් යටතේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මෙම සුහුරු ප්‍රවේශපත් නිකුත් කිරීමේ හා ආසන් වෙන් කිරීමේ කාර්යය ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යයන් 16ක් මේ ව්‍යාපෘතිය මඟින් ආරම්භ කර ඇත.
ඒ සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1.6ක් අත්තිකාරම් ලෙස ගෙවා ඇති බවත් විගණනයට නිරීක්ෂණය වී තිබේ.
තවද, මෙම පද්ධතියේ උපදේශන සේවා සඳහා තවත් පාර්ශ්වයකට රුපියල් මිලියන 6.6ක් ගෙවා ඇති අතර සුහුරු ප්‍රවේශපත්වල වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන උපකරණ 900ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 151.7ක් ගෙවා දුම්රිය ස්ථාන 344කට බෙදා දී ඇත.
2024 අගෝස්තු මාසය වන විට ගිවිසුම්ගත වූ කාර්යයන් 16න් සුහුරු ප්‍රවේශපත් නිකුත් කිරීමේ වෙබ් අඩවිය ස්ථාපනය කිරීමේ කාර්යය පමණක් අවසන් කර ඇත. එයින් නිකුත් කරන ලද සුහුරු ප්‍රවේශපත් අලෙවිය මුළු ප්‍රවේශපත් අලෙවියෙන් සියයට 1කටත් වඩා අඩු මට්ටමක පැවැති ඇති අතර සුහුරු ප්‍රවේශපත්‍ර වලංගුකරණ උපාංග භාවිතයෙන් ප්‍රවේශපත්‍ර වලංගුභාවය පරීක්ෂා කර ඇත්තේ අලෙවි කරන ලද සමස්ත සුහුරු ප්රවේශපත්රවලින් සියයට 0.6කටත් වඩා අඩු ප්‍රමාණයක පමණක් බවත් එම වාර්තාවේ දැක්වෙයි.
ගිවිසුමට අනුව 2024 මැයි වන විට ව්‍යාපෘතිය යටතේ ඇති අනෙකුත් කාර්යයන් 15ක්ද අවසන් කිරීමට නියමිතව තිබුණ ද එම කාර්යයන්හි භෞතික ප්‍රගතිය සියයට 0 සිට 20 දක්වා මට්ටමක පැවැති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ මෘදුකාංග අවශ්‍යතා පිරිවිතර සකස් කිරීමට කොන්ත්‍රාත්කරු විසින් සැලකිය යුතු කාලයක් ගත කිරීම හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවක් දක්නට ලැබුණු බව මේ සම්බන්ධයෙන් කළමනාකාරිත්වය සඳහන් කර තිබේ.

