අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු "රක්නා" ලංකා සමාගමට ?

Published in පුවත්
Thursday, 30 October 2025 09:05

මෙරට අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු "රක්නා" ආරක්ෂක ලංකා සමාගම වෙත පැවරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට අධිවේගී මාර්ග ජාලයේ සමස්ත ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා "රක්නා" ආරක්ෂක ලංකා සමාගමේ මෙහෙයුම් විශේෂඥතාව දායක කර ගත හැකි ආකාරය තක්සේරු කිරීම සහ පවතින ආරක්ෂක රාමුව ඇගයීම පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

මෙහිදි විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල්වල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හා සම්බන්ධ ගැටලු පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

විශ්‍රාම වැටපු දෙපාර්තමේන්තුව සහා විෂයානුබද්ධ අමාත්‍යාංශවල නිලධාරින් විසින් එහිදි පවතින පරිපාලනමය අභියෝග සමාලෝචනය කරනු ලැබූ අතර අදාළ ප්‍රතිලාභීන් වෙත ප්‍රතිලාභ කඩිනමින් ලබාදීම සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us