අනුර අද අධිකරණයට

Published in පුවත්
Thursday, 23 January 2025 11:56

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ 22 දින අත්අඩංගුවට ගෙන තිබේ. 

පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසා සිටියි. 

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

වසරේ පළමු සති 03 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3,499 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පොරොන්දු වූ පරිදි ඊ-වීසා වංචාව සම්බන්ධයෙන් වොහාරික විගණනයේ ඉරණම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්පික රණවක මහතා විමසීය.

අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.

කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසනවා.

පරීක්ෂාවකින් තොරව වරායේ බහලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 වැනිදා) පැවැසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරු මතු කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘බහාලුම් තුන්සිය විසි තුනක් නිදහස් කළා කියලා කිව්වා. මේ ගැන වැරදි මතයක් හදන්න උත්සාහ කළා. ඔව් නිදහස් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිවේදන නිකුත් කළාට පසුව ක්ෂණිකවම කළේ වෘත්තීය සමිති සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමයි. මමත් ඒ සාකච්ඡාවේ හිටියා. පළමු කොටම කිව්වෙ එවැනි දෙයක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට සහතික වුණා. ඒ වගේම අපි රේගු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා නිශ්කාෂණ කටයුතුවලට මැදිහත් වන ලෙස. ඒ අනුව අපි ඒ ප්‍රශ්නය විසඳුවා. ඒත් එක්කම මේ බහලුම් නිදහස් කිරීමට කලිනුත් රේගු නිලධාරීන් තමන්ගේ ක්‍රමවේද අනුව වෙනත් බහලුම් නිදහස් කරලා තියෙනවා. දත්ත ලෙස ඉදිරිපත් කරනවා නම් 2024 ජූලි මාසෙ 25 වැනිදා බහලුම් 584ක් නිදහස් කරලා තියෙනවා. මේ නිදහස් කළ 323 නිදහස් කරලා තියෙන්නෙ තදබදය නැති කිරීම සඳහා කියලයි කියන්නෙ.’’

 

ld add copy

Connet With Us