වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් එක්දහස් හත්සිය පනහ (1,750) දක්වා ඉහළ දැමීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක වතු සමාගම්වල ඉහළ බලධාරීන් සමග මීට සති කිහිපයකට පෙරදී සාකච්ඡා කළේය.
මේ අතර වතු කම්කරුවකු සඳහා දැනට ගෙවන දෛනික වැටුප රුපියල් එක්දහස් තුන්සිය පනහකි (1,350)කි.
මේ අතර වතු සමාගම් කියා සිටියේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් හාරසියයකින් ඉහළ දැමීමට සිදුවුවහොත් විශාල පාඩුවක් ලැබීමට සිදුවන බවයි.
කෙසේ නමුත් මෙවර අය වැයෙන් වතු කම්කරු වැටුප යම් මුදලකින් ඉහළ දමන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

