හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පක්ෂය 2024 මහ මැතිවරණ කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර ඇත.

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට නිවේදනය කර තිබේ.

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය.

ලබන වසරේ (2025) පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීම සම්බන්ධව රජයේ අවධානය මෙතෙක් යොමුවී නැතැයි අනාවරණය වේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබේ.

දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ ව්‍යාපාරිකයින්ට බවට ගොවීන් චෝදනා කර සිටිනවා.

ld add copy

Connet With Us