උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම්

Published in පුවත්
Monday, 10 November 2025 19:44

මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වු අතර විභාගය දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

උසස් පෙළ විභාගයේ කටයුතු අද සාර්ථකව ආරම්භ වු අතර ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

"අද දින නියමිත වේලාවටම විභාගය ආරම්භ වුණා. ඒ වගේම දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි විභාගය පැවැත්වුණා. මේ වනවිට අපි සැලසුම් සකස් කරලා තියෙනවා විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට. දරුවන්ට දෙන්න තියෙන පණිවුඩේ තමා නියමිත කාලසටහන පරීක්ෂා කරලා බලලා විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට යන්න. පැය භාගයකට පෙර තමන්ට නියමිත ස්ථානයේ අසුන් ගන්න. ප්‍රවේශ පත්‍රය රැගෙන යන්න."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us