කොළඹ 7 ප්‍රදේශයේ නිවාස 21ක් සහ කොළඹ 5 ප්‍රදේශයේ නිවාස 13ක් මේ අනුව නැවත රජයට භාර දී ඇත.
කොළඹ 7 විජේරාම මාවතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි නිල නිවෙස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැඳී සිටි කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිල නිවෙස සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රැඳී සිටි කොළඹ 7, නිදහස් මාවතේ නිල නිවෙස රජයට නැවත භාරගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
බෞද්ධාලෝක මාවතේ ඉන්දික අනුරුද්ධ, නිමල් සිරිපාල ද සිල්වා, සනත් නිශාන්ත හිටපු ඇමැතිවරු රැඳී සිටි නිවාස, විජේරාම මාවතේ කෙහෙළිය රඹුක්වැල්ල, මනූෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ශාන්ත බණ්ඩාර, ඩී.බී.හේරත්, ඩී.වී. චානක, අරුන්දික ප්‍රනාන්දු, මොහාන් ප්‍රියදර්ශන සිල්වා හිටපු ඇමැතිවරු රැඳී සිටි නිවාස මෙසේ නැවත රජයට භාර දී ඇත.
එමෙන්ම කොළඹ 7, ග්‍රෙගරි මාවතේ දිලුම් අමුණුගම මහතා රැඳී සිටි නිල නිවස ද නැවත භාරදී ඇත.
හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවෙස් 6ක් ද නැවත භාර දී ඇති අතර එහි රැඳී සිට ඇත්තේ අජිත් රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, සිසිර ජයකොඩි, අරවින්ද කුමාර, ජගත් පුෂ්පකුමාර මහත්වරුය. ඉන් එක් නිවෙසක් අගමැති කාර්යාලය සතුව පැවැතියකි.
ස්ටැන්මොර් පෙදෙසේ පිහිටා ඇති හිටපු විපක්ෂ නායකවරයකු වන ආර්. සම්පන්දන්, රමේෂ් පතිරණ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද අමරවීර මහත්වරු රැඳී සිටි නිල නිවාස සහ කොළඹ 5 ස්කෙල්ටන් පාරේ දුමින්ද දිසානායක, හරීන් ප්‍රනාන්දු, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු රැඳී සිට නිල නිවාස ද නැවත භාරදී ඇත.
කොළඹ 5 කැප්පෙටිපොළ පාරේ කාංචන විජේසේකර, ගාමිණි ලොකුගේ, සී.බී. එත්නායක, ෂෙහාන් සේමසිංහ, අලි සබ්රි, තේනුක විදානගමගේ මහත්වරු රැඳී සිටි නිල නිවෙස් ද යළි රජයට භාර ගෙන ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිලුම් අමුණුගම සහ ආර්. සම්පන්දන් මහත්වරු රැඳී සිටි නිල නිවාස විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා තාවකාලික පදනම මත අධිකරණ අමාත්‍යාංශයට භාර දීමට පසුගියදා රජය තීරණය කළේය. ඒ අනුව ඊට කැබිනට් අනුමැතිය ද හිමි විය. මෙසේ යළි පවරා ගත් අනෙකුත් නිවෙස් ද වෙනත් විශේෂ කාර්යයන් සඳහා විවිධ ආයතන වෙත ඵලදායි අයුරින් ලබා දීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														