ඌව පලාත් සභා මැතිවරණයේ දී සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ පැමිණිල්ලක්  ගොනු කළේය.

යුද හමුදා සෙබළුන් අයුතු රාජකාරියේ යොදවා ගත්තේය යන චෝදනා යටතේ සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම් කපිතාන් සේනක හරිප්‍රිය ට එරෙහිව විභාගවන නඩුව නොවැම්බර් 5 දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ඊයේ (4) නියෝග කළාය.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (05) දා සතරවැනි දිනයයි. ගෙවීගිය දින කීපය පුරාම මෙරට අතිවිශාල සිනමා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද සිනමා ශාලා (05) කදී ලොව අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය විය. අද දවසේ තිරගත වන චිත්‍රපට නාමාවලිය මෙසේය.

තමනට ලබා දී ඇති දකුණු පළාත් ධීවර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රීකමෙන් කළහැකි කිසිවක් නැති බව එම පළාත් සභා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

EAP සමූහ ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ස්වර්ණමහල් මුදල් සමාගම විකුණා දැමීමටසූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.  ඒ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ශ්‍රී ලංකා මහ බැංකු නියෝග හේතුවෙන් අදාල සමාගම විකුණා දැමීමට සූදානම්වන බවටය.

ඌව පළාතේ මිනිසුන්ගේ ඡන්ද ඩැහැ ගැනීම සදහා ජනාධිපතිවරයා විසින්  බොරු ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.

2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා  ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාට හා එම පක්ෂයේ ලේකම් ප්‍රියන්ජුත් විතාරණට එරෙහිව රුපියල් කෝටි පහක් වන්දියක් ඉල්ලා කොළඹ  දිසා අධිකරණයේදී  අද (04) ගොනු කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ නිවස ඉදිරිපිට බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇත.

 

ld add copy

Latest News

ක්‍රීඩා

Connet With Us