අර්තාපල්වලට ස්ථීර මිලක් ලබාදෙන ලෙස හා සතොස මඟින් ක්‍රමවත් ආකාරයට දේශීය අර්තාපල් මිල දී ගන්නා ලෙස ඉල්ලා වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් පැවැත්වූ විරෝධතා පා ගමන සාකච්ඡා කර විසඳීමට ගිය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හට ගොවීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාව හමුවේ පසුබැස යෑමට සිදු විය.

බදුල්ල ප්‍රදේශයේ අල ගොවීන්ට සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි බව පෙන්වීමේ අරමුණින් ඉදිරි දිනවලදී ගොවීන් නොවන පිරිස් කොළඹ හා පිට පළාත්වලින් ගෙන්වා ගෙන උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට විපක්ෂය කුමන්ත්‍රණ කරමින් සිටින බව 'දිනමිණ' පුවත්පත අනාවරණය කරයි. 

දිවයින පුරා රූපලාවන්‍යාගාර බොහෝමයක් මේ වන විට දින නියමයක් නොමැතිව වසා දමා ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. 

පක්ෂයේ තනතුරු නාඩගම නිසා ආණ්ඩුවේ ආයුෂ වැඩිවන බවත්, එය නොතේරෙන කවරෙකු වුවද ද්‍රෝහියකු බවත්   මහා සංඝයා වහන්සේලා එක්සත් ජාතික පක්ෂ නායකයින් වෙත  අවධාරණය කර සිටිති.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදී ඇත. එහි පිටපතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක වූවද, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 03 වන වරට ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය අද ප‍්‍රකාශ කළේය. ඒ, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලනොපාන බව සඳහන් කරමිනි.

බණ දේශනා කරමින් සිටි කාලය අවසන් බවත්, බණ අණ සමග වැඩ කරන්නට පටන්ගත යුතු බවත්, නිදාසිටින වගකිවයුත්තන් අවදි කරන්නට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බවත් එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

තම පියා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තේ බොන බවත් තමන්ද හරීන් ප‍්‍රනාන්දු මහතා සමඟ තේ බීමේ වරදක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us