අල්ලස් කොමිසමේ ලොක්කව ඉවත් කරන්න කියන්නේ හොරු රැළ-අනුර කුමාර

Published in පුවත්
Thursday, 23 April 2015 14:49

මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගනවා වෙනුවට ඊට එරෙහිව වෙන මතයක් ගොඩනගමින් තිබෙන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි.

ජනවාරි 08වැනිදා ඡන්දය ලබාදුන් බහුතකරයකගේ ප්‍රධාන අපේක්‍ෂාව වුණේ දූෂිතයින්ට දඬුවම් දීම බවත් හොරකම, වංචාව, දූෂණය වැනි වචන ඉතිහාසයේ වැඩියෙන්ම කතාවුණු මැතිවරණය වුණේ ජනවාරි 08වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරයේදී බව ඔහු සදහන් කළේය. මේ වනවිට ආණ්ඩුව ගැන ජනතාව තුළ යම් බිඳවැටීමක් තිබෙනවා නම් එයට හේතුව දූෂිතයින්ට දඬුවම් නොකිරීම නිසා බව ඔහු අවධාරණය කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන දූෂිතයින්ට දඬුවම් දෙන ප්‍රධාන ආයතන බවත් මේ වනවිට මහජන මුදල් නාස්තිකළ දූෂිතයින්ට එරෙහිව කටයුතු කරන ආයතනවලට එරෙහිව උද්ඝෝෂණ පැන නගිමින් තිබීම ඉතා විසුළුකාරී තත්වයක් බව පැවසුවේය. අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කරන්න කියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113ක් අත්සන් කරලා ලියුමක් බාරදීම සහ එම මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසකට අල්ලස් කොමිසමේ පැමිණිලි තිබීම නිසා හොරු එක්වී අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කරන්න කීම මොන තරම් විහිළුවක්ද? යනුවෙන් අනුර කුමාර මහතා ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසූවේය.

'මහින්ද රාජපක්‍ෂටත් ඔහු වටා සිටි කල්ලියටත් විශාල ලෙස දූෂණ චෝදනා එල්ල වුණා. දිවි නැගුම මුදල් වංචා කිරීම පිළිබඳව බැසිල් රාජපක්‍ෂටත් විශාල මිග් යානා ගණුදෙනු පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂටත් සිරිලිය ගිණුමේ මුදල් වංචා කළ බවට ශිරන්ති රාජපක්‍ෂටත් පුෂ්පා රාජපක්‍ෂ පදනමේ මුදල් වංචා කළ බවට බැසිල් රාජපක්‍ෂගේ බිරිඳටත් එරෙහිව අල්ලස් කොමිසමේ පරීෂණ දියත් වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපතිව කටයුතු කළ ශිරන්ති රාජපක්‍ෂගේ සහෝදරයාට එරෙහිවත් යුක්‍රේනයේ තානාපතිව සිටියදී යුක්‍රේන ගරිල්ලන් සමඟ අවි ගනුදෙනු කළා යැයි මහින්ද රාජපක්‍ෂගේ ඥාති සහෝදරයෙකු වන උදයංග වික්‍රමතුංගට එරෙහිවත් නාමල්, යෝෂිත, රෝහිත, යන අය නියෝජනය කරන කාල්ටන් ක්‍රිඩා සමාජයට එරෙහිවත් දූෂණ චෝදනා එල්ලවී තිබෙනවා. මේ ආකාරයට රාජපක්‍ෂ පවුලේ සියලූ දෙනාට එරෙහිවත් වංචා හා දූෂණ විමර්ශන පැවැත්වෙමින් තිබෙනවා. ඒ වගේම රාජපක්‍ෂ පාලන කාලය තුළ සිදුවූ හෙජින් ගනුදෙනුව, සුනාමි මුදල් වංචාව පිළිබඳව විමර්ශන කටයුතු සිදුකෙරෙනවා. මෙම පරීක්‍ෂ නතරකළ යුතුද? මහජන මුදල් වංචා කළ නාස්ති කළ වංචනිකයින්ට දඬුවම්දීම එම ජනතා මුදල් නැවත අයකර ගැනීම කළයුතු නැද්ද? දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන ආයතනවලට සහාය ලබාදිය යුතු නැද්ද? චෝදනාවලට ලක්වූ මන්ත්‍රීවරුන් පිරිසිදු නම් එම පරීක්‍ෂණවලට සහාය දියයුතු නැද්ද? රාජපක්‍ෂලා හොරකම් කරලා, හොරකම්වලට එරෙහි පරීක්‍ෂණවලටත් බාධා කරමින් තිබෙනවා. ජනතාවට අයිතියක් තිබෙනවා, දූෂිතයින්ට එරෙහිව සිදුකරන විමර්ශන සහ ඔවුන්ට ලබාදෙන දඬුවම් පිළිබඳව අවසාන ප්‍රතිපලය දැකගැනීමට'

''විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල්වලින් රුපියල් මිලියන 600ක් වියදම් කොට සිල්රෙදි බෙදාදීමට එරෙහිව ලලිත් වීරතුංගටත් හෙජින් ගිවිසුම පිළිබඳව පී.බී. ජයසුන්දරටත් අයථා ලෙස මුදල් රැස්කළ හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ටත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ටත් සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ වැනි මන්තීී්‍රීවරුන්ටත් එරෙහිව මේ ආකාරයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. ජනතාවට අයිතියක් තිබෙනවා මෙම විමර්ශනවල ප්‍රතිඵලය ලබාගැනීමට.

එම පරීක්‍ෂණ සිදුකෙරෙන විට පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීම, පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් කිරීම ජනතා වරමට පටහැණිව ක්‍රියා කිරීමක්. එම දූෂිතයින් ජනතාවගේ වුවමනාවන් ක්‍රියාත්මක වීමට බාධා කරමින් තිබෙනවා. මෙම බලපෑම්වලට එරෙහිව කටයුතු කළ යුතුයි. වංචනිකයින්ට දඬුවම් ලබාදිය යුතුයි.''

ජනවාරි 08 ජනවරම ලැබුණේ රාජපක්‍ෂලාගේ හොරකම් නතර කිරීමට බවත් දැන් ඔවුන්ට දඬුවම් ලබදීමට අල්ලස් කොමිසම, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට වගකීමක් තිබෙන බවත් එම කටයුතු විමර්ශනය කිරීම, වේගවත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ බලපෑම් කරන බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

anura-with

anu-til.lal

Last modified on Thursday, 23 April 2015 14:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us