මැයි 01 සිට මහපොළ රු 5000 යි.

Published in පුවත්
Thursday, 23 April 2015 14:16

ලබන ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ රු. 5000/- ක මහපොළ ශිෂ්‍යත්වය එළඹෙන මැයි 01 දින සිට ලබාදීමට තම රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පැවසූයේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ලලිත් ඇතුළත්මුදලි මහතා හෙළි පෙහෙළි කළ නිවැරදි මාවතේ ගමන් කරන තමන්ට මේ රටේ මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ ප්‍රථම අයවැයෙන්ම මහපොළ ශිෂ්‍යත්වය රු. 5000/- දක්වා ඉහළ නැංවීමට යෝජනා කිරීමට හැකිවීම මහත් සතුටක් බවය.

එදා මෙදා තුර බිහි වූ රට රටට වැඩ කරන බෙහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්වය පිටිවහලක් වූ බවත් එම මෙහෙවර පෝෂණය කරමින් ඉදිරියට රැගෙන යාම කෘතහස්ත දේශපාලනඥයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාට කරන කළගුණ දැක්වීමක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.ඔහු මේ අදහස් පැවසූයේ
ඊයේ (23) දිනට යෙදී තිබුණු දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ 22 වැනි ගුණානුස්මරණ උත්සවය අමතමිනි.

කොළඹ රාජකීය විදුහල අසල ඇති ‍‍‍‍‍‍‍ලලිත් ඇතුළත්මුදලි මහතාගේ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ පිළිරුව අසල පැවති ප්‍රධාන අනුස්මරණ උත්සවය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

එහිදී මුදල් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

‘‘ එක්සත් ජාතික පක්ෂය ආලෝකවත් කළ ලලිත් ඇතුළත්මුදලි වැනි රට ගැන හිතා වැඩ කළ නායකයන් රටට අහිමි විමේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාව අද භුක්ති විදිමින් සිටිනවා. දුප්පත්, පොහොසත් භේදයකින් තොරව දක්ෂතා ඇති රටේ සෑම දරුවකුටම නිදහසේ උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ආධාර වැඩ සටහනක් මහපොළ ශිෂ්‍යත්වය නමින් බිහිකළ මේ අති දක්ෂ දේශපානඥයාගේ යුග මෙහෙවර රටට ආදර්ශයක්''

ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සෙවණැල්ල තුළින් ගමන් කළ තමන් ඔහුගේ මෙහෙවර වඩාත් හොඳින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී ප්‍රකාශ ක‍ළේය.

maha 1

maha 2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us