හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ඉල්ලීමක්‌ කරන්නේ නම් ඊට අවස්‌ථාව ලබාදෙන බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අධිකරණ හෑල්ලුවට සහ අපහාසයට ලක් කරන ප්‍රකාශයක් කළේ යැයි රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකදී එම ප්‍රකාශය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ, ජාතික විධායක සභාව අද(11) රැස්වී අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යටතේ ප්‍රකාශයට පත් වන “දිනමිණ” පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයා වශයෙන් තරුණ මාධ්‍යවේදියකු වන චාමර ලක්ෂාන් කුමාර මහතා ව පත් කර තිබේ.

රක්නා ලංකා සමාගම හා ඇවන් ගාර්ඩ් සමාගම සම්බන්ධයෙන් මේවන විට ඇති වී තිබෙන ගැටළුකාරිත්වය ගැන දූෂණ විරෝධි පෙරමුණද විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරනු ලබයි.

රුපියල් බිලියන 520 ක වියදමින් තැනීමට සැලසුම් කර තිබූ උතුරු අධිවේගී මාර්ගය මඟින් බරපතල මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් නවතා දැමුණු අතර පසුව නැවත ටෙන්ඩර් පරික්ෂා කිරීමෙන් එය රුපියල් බිලියන 348ක අඩුම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ ඉන්ජිනේරූ සමාගමට ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මැද පෙරදිග රටවල සේවා සඳහා ගොස් සිටියදී අාබාධිත වූ සහ මරණයට පත්වූවන්ට වන්දි මුදල් පිරිනැමීමක් අද(10) විදේශ කටයුතු අමාත්‍යාංශෙය්දී සිදුවිය.

සසුනට අරුණ වැඩසටහන යටතේ ලුණුගම්තවතහරල කුඩාගම්මාන 5 ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානතේ අභිනවතයන් ඉදිකෙරෙන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සදහා මුල්ගල් ත්‍ැබීතම් උත්සවය සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද (10)පැවැත්වුණි.

ld add copy

Connet With Us