සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන අද(16) තමන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමු ගෙන සිටින මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී එක් දින පිටියට සමු දෙන බව මින් පෙර ප්‍රකාශයට පත් කළේය.

මේ වන විට ලංකාව ලෝකයේ හොදම මත් කුඩු තිප්පොල බවට පත්ව ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඇතැම් රජයේ නිළධාරීන් සිදු කරන ලද රටට අහිතකර ගණුදෙණු සහ තීරණ පිළිබඳ අද නම් ගම් සහිතව හෙළි කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ට්ආරච්චි මහතා ජනපති මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බව වාර්තා වේ.අද (15දා) අරලියගහ මැඳුරට පැමිණි ඒ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපතිට ලබාදෙන බව පවසා තිබේ.

වැඩි ඡන්ද ලක්ෂ විසිපන් දහසකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා කල ප්‍රකාශය, ඔහුගේ අමනෝඥ භාවය යලි ප්‍රදර්ශනය කිරීමක් යයි පොදු අපේක්ෂකයාගේ සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයද කිසිදු අපේක්ෂකයකුට සහාය පළ නොකිරීමට තීරණය කර ඇතැයි එම සන්ධානය ඊයේ (14) නිවේදනය කළේය. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඊයේ සිය ස්ථාවරය වව්නියාවේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම අවසන් ස්ථාවරයට පැමිණ ඇත.

2005 වසරේ පැවති කැබ්නට් මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිතුමාගෙන් අසාධාරණයක් සිදුවූ බවත් තමන්ට ලබුණේ කැබ්නට් නොවන කෘෂිකර්ම ඇමතිකම බව මෙන්ම එහි ඇමතිවරයා වූයේ මෛති‍්‍රපාල මහතා බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා පැවසුවේය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් තරුණ සම්මේලන රැලි මාලාවක් පවත්වයි.එහි පළමු රැලිය අද (15දා) පස්වරුවේ පොළොන්නරුව නගරයේදී පවත්වන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.

ld add copy

Connet With Us