අත්තනගල්ල විපක්ෂ නායකයාට ලක්ෂ 350 යි, මන්ත්‍රීට 250යි.
Published in
පුවත්
Saturday, 20 December 2014 23:32
අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා හා අනෙක් එජාප මන්ත්‍රීවරු 4 දෙනා මිළදී ගැනීම සඳහා ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන හා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරු විසින් දෑලක් එළා ඇති බව එම එජාප මන්ත්‍රීවරයක් විසින් ලංකා ඩේලී වෙත හෙළි කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 55 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇත.
මහනුවර තෙල්දෙණිය හා නාවලපිටිය යන ප්‍රදේශවල අද (20දා) පැවැත්වෙන පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළි සඳහා බාධා ඇතිව තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.
සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංගමයේ පවුල් 149000ක සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවන බව එම සංගමයේ සභාපති රංජිත් නානයක්කාර මහතා අද (20) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවරදී ප්‍රහාරයක් සැළසුම් කළ මොළකරු එල්ලා මරයි
Published in
පුවත්
Saturday, 20 December 2014 18:46
පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ප්‍රවෘත්ති සමාගම හෙවත් සිළුමිණ, දිනමිණ ,ඩේලිනිවුස්, සන්ඩෙ ඔබ්සර්වර් වැනි පුවත්පත් ගොන්නක් මුද්‍රණය කරන ලේක් හවුස් ආයතයේ නිළධාරීන් ඇතුළු සේවක මණ්ඩලයෙන් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දය ලැබෙන්නේ තිදෙනෙකුගෙන් පමණක් බව එම ආයතන සේවකයින්ගේ ජනප්‍රිය කියමනක් බවට පත්ව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රබල වෘත්තීය සමිති නායකයින්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පිහිටුවාගත් තැපෑලේ අපි සංවිධානය තීරණය කර තිබේ.
මාතර පරාදයි, ඩලස් කළබලවේ, තරුණ සේවා සභාවම මාතර !
Published in
පුවත්
Saturday, 20 December 2014 08:18
ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය ජනාධිපතිවරයාට ජය ගැනීමට නොහැකි බවට බුදිධි අංශ විසින් කළ සමීක්ෂණ වාර්තව නිසා එකසත් ජනතා නිදහස් සන්ධනයේ මාතර ප්‍රබලයා වන තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා බරපතල ලෙස කළබල වී ඇත.