පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් හි 11 වන පරිච්චේදය "අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්" යනුවෙන් නම්කොට ඇත.ඒ අතර මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා සිදු කරන යෝජනා රැසක්ද වේ.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත‍්‍රී පාලනයක් - ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කෙරිණ.

ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙනෙකුට පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ.

මිහිතලයේ උණුසුම්වීමට බලපාන හරිතාගාර වායු නැතිනම් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයේ පැතිරීම ඇමෙරිකානු නාසා ආයතනය මගින් ප‍්‍රථම වරට සිතියම් ගත කර අැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ආරාධනා ලැබී ඇතැයි  ඒෂියන් මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි.

මැතිවරණයකදී රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ භාවිත කිරීමේ ලෝක වාර්තාවද මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ සිදුකිරීමට මහින්ද රාජපක්ෂ උත්සාහ ගත්තද එය මෙදා සිදුකළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

වඳුරඹ පැවැත්වීමට සූදානම් කර තිබූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත බව නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (18දා) සවස ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ විගස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් 120ක් ඔහු හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ld add copy

Connet With Us