වරප්‍රසාද ගැන කතා කරලා දූෂණ චෝදනා යටපත් කරන්න බෑ - රනිල්

Published in පුවත්
Wednesday, 22 April 2015 06:54

වරප්‍රසාද ගැන කතා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා යට‍පත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

කෙසේ වෙතත් තරාතිරම නොබලා අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ සොයා බැලිය යුතු බවත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරි‍යගේ පත්වීම සිදුකළේ අධිකරණ ඇමැතිවරයා බවත් හෙතෙම සඳහන් කළේය.

සොරුන් ආරක්ෂා කිරීමට සොරු වෙනුවෙන් පෙනී සිටින්නේ හොරුන්ම බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැඳවීම හෙළා දකිමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කරන ලද ප්‍රකාශයකට විරෝධය දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

හොරුන් ආරක්ෂා කරන්නැයි ඉල්ලා නොසිටින ලෙස දන්වා සිටි අගමැතිවරයා හොරු වෙනුවෙන් හොරු ඉදිරිපත්ව සිටින බවත් මේ කෑගසන අයටත් කලින් තමන් මහින්ද රාජපක්ෂව ආරක්ෂා කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් මහින්ද වාදීන්ගේ සටන් ඉතා විසුළුකාරී ලෙස අවසන් විය. ඔවුන් මහ කළබලයක් කළේ මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව නමුත් අවසානයේ හිටපු ජනාධිපති වෙත ගොස් ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එකඟ වී ඇති බව කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැසීමෙන් පසුව එම සටන තමන් ජය ගත් බව කියමින් ඒ අත් හැර දැමුවේය. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා කීවේ හිටපු ජනාධිපතිවරයාට තිබී ඇත්තේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ ප්‍රශ්නයක් බවය.

Last modified on Wednesday, 22 April 2015 06:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us