අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂයේ කාර්ය භාරය කුමක් දැයි ඔවුන් තේරුම් ගත යුතුව ඇති බවය.
පැවැති පාලනය යටතේ මැති ඇමැතිවරුන්ගේ සාක්කුවට වැටුණු මුදල් අද ජනතාවගේ සාක්කුවට වැටෙමින් පවතින බව කී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම සහනවලට විපක්ෂය විරුද්ධ බවය.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එම මණ්ඩලයේ කටයුතු නිරීක්ෂණය සඳහා මුදල් අමාත්‍යවරයකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(21) පෙරවරුවේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.