රාජපක්ෂලා ගුවන් යානා බිල ගෙවීමේදීත් වංචාවක් කරලා

Published in පුවත්
Wednesday, 22 April 2015 07:18

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදා නිලධාරියකු විසින් බවත් එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින් ලදු පතක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා ඇති බවත් හෙළිව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඒ බව අනාවරණය කොට තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදී.

ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කළ පැමිණිල්ලක් කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් කොමිසමට යොමු කොට තිබුණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පැවැත්වූ විභාගයට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සහභාගිව සිටි අතර, ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු සහභාගි වූ බවයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශයට කියා සිටියේ.

 

'හමුදා කෝප්‍රල්වරයෙක්'

"ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්," ඔහු පැවසීය.

"ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්"
හමුදා නිලධාරියෙක් එසේ මුදල් ගෙවුවේ කෙසේද යන්න මැතිවරණ කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කොමිසම ද ප්‍රශ්න කොට තිබේ.

"අනිත් එක ඔහු මේ මුදල් ගෙවීමෙන් පසු ලදුපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමින් නිකුත් කරන්න කියලත් ඉල්ලල තියෙනව," ශාන් විජේතුංග වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන මෙන් ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මානව හිමිකම් කොමිසම තීරණය කොට තිබේ.

 

බැසිල් රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් සඳහා මුදල් අය විය යුතුව තිබෙන අතර, එයින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්.

හමුදා නිලධාරියා විසින් කොටසක් ගෙවීමෙන් අනතුරුව තවත් රුපියල් අනූ ලක්ෂ හැත්තෑ පන් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබෙන බවත් ගුවන් හමුදාව මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය.

හෙලිකොප්ටර් යානා ලබා දෙන මෙන් දැනුම්දීම කොට තිබෙන්නේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බැවින් අදාළ මුදල ගෙවන මෙන් ඔහුවෙත දැනුම්දීමක් කර තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය විය.

අදාළ යානා ලබා දුන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බැවින් එම හිඟ මුදල් ගෙවීම සන්ධානයේ වගකීම බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් එම මුදල ගෙවීම සන්ධානයේ වගකීම නොවන බව එහි ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා මාධ්‍යවලට පවසා තිබුණි.

 

Last modified on Wednesday, 22 April 2015 07:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us