දින 100න් ජීවන වියද රු. 3,700 කින් අඩුවෙලා

Published in පුවත්
Thursday, 23 April 2015 06:58

රජයට අද (23) දින සියය සම්පූර්ණ වේ. ජනවාරි 08 දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව බිහි වූ නව රජයේ දින සියයේ වැඩ සටහනේ සියවන දිනය ද අද වේ.

දින සියය වැඩ සටහන තුළින් පොරොන්දු වූ වැඩ සියයෙන් අසූ පහක්ම අද වන විට අවසන් කර ඇති බව රජය අවධාරණය කරයි. අනෙකුත් යෝජනා සියයට පහළොව මේ වන වි‍ට ක්‍රියාත්මක අදියරේ පවති‍. දින සියය තුළදි සාමාන්‍ය ගෘහස්ථයක ජීවන වියදම රුපියල් 3,700 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා‍ ලේඛණ සනාථ කරයි‍. අවුරුදු දහයකට පසු සිංහල අවුරුද්දට පෙර මාර්තු මාසයේ ජිවන වියදම අඩු වී ඇ‍ත්තේ පසුගිය මාර්තු වලදිය.

ජනතාවගේ ජීවන වියදම අඩු කිරිම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර යහපාලනයක් බිහි කිරිම සහ අල්ලස් හා දූෂණ චෝදනා ඇති අය නිතීය හමුවට ගෙන ඒමට ‍මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව ඉන් බහුතරයක් ඉ‍ටු කිරිම ජනතා ජයග්‍රහණයක් බව බහුතරය‍ගේ අදහස වී තිබෙ.දින සියයේ වැඩ සටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරිම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආචාර්ය චරිත රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයේන් කමිටුවක් පත් කර තිබිණි. එම කමිටුව මගින් දින සියය වැඩස‍ටහනේ වැඩකටයුත පිළිබඳව නිරතුරුව ‍සොයා බැලිණි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් පන්දහසකින් වැඩි කිරීම,විශ්‍රාමිකයින්ට රුපියල් තුන්දහස් පන්සියයක දීමනාවක් ලබා දිම,සමෘද්ධි දිමනාව සියයට දෙසියකින් වැඩි කිරිම, වී කි‍ලෝවකට රුපියල් පනහක,අර්ථාපල් සඳහා රුපියල් අසුවක,අමු තේ දළු සඳහා රුපියල් අසුවක සහතික මිලක් පවත්වා ගෙන යාම සහ සමෘද්ධි දීමනාව සියයට දෙසියකින් වැඩි කිරිම තුළින් ජනතාවගේ ආදායම වැඩි කිරිමට හැකි වූ අතර පෙට්‍රල් ඩීසල් සහ ගෑස් මිළ පහත හෙලිම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ දහතුනක මිල අඩු කිරිමෙන් ජනතාවගේ වියදමද අඩු කිරීමට හැකි වි තිබේ.

අඩු බර දරු උපත් අවම කිරිම සඳහා දිර්ඝ කාලින සැලසුමක් වශයෙන් ගැබිණි මව්වරුන්ට රුපියල් විසි දහසක පෝෂණ මල්ලක් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් ලබා දෙන මහපොල ශිෂ්‍යාධාර රුපියල් පන්දහස දක්වා වැඩි කෙරිණි.සියලු ගොවි ණය සියයට පනහකින් කපා හැරීම තුළින් ගොවි ජනතාවට සහන සැලසිණි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඔවුනගේ තැන්පතුවල පළමු රුපියල් ලක්ස දහය සඳහා ගෙවන පොලිය සියයට පහළොව දක්වා ඉහළ දැමීම මගින් ඔවුනටද සහන සැලසී තිබේ.

තරුණයින් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කර තිබූ දින සියය වැඩ සටහන මගින් දිවයින පුරා නොමිළේ වයි-ෆයි කළාප ඇති කෙරිණි.රජයේ රෝහල්වල බාහිර රෝගි අංශය රාත්‍රි දහය දක්වා විවෘතව තැබීම තවත් එක් සේවාවකි.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම තුළින් යහපාලනය අර්ථවත් කිරිම සඳහා රජය නව පනත් කෙටුම්පත් සම්මත කිරිමද දින සියයේ වැඩසටහන තුළින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ වේ. දුම්වැටි අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම සඳහා වූ විධිවිධාන , වින්ධිතයින් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත සහ ‍ජාතික ඖෂද නියාමන අධිකාරි පනත දින සියය තුළදි පාර්ලිමේන්තුව තුළදි සම්මත විය.

විධායක ජනාධිපති බලතල සීමා කීරීම සහ ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද තවමත් එය සම්මත කර ගැනිමට නොහැකි විම දින සියය තුළ ඉ‍ටු කර ‍ගැනීමට නොහැකි වූ කාර්යයක් බවට පත් වී තිබේ.


දිනමිණ ඇසුරෙණි

Last modified on Thursday, 23 April 2015 07:12

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us